වැට් බදු සඳහා ලියාපදිංචි නොවී පාරිභෝගිකයන්ගෙන් බදු අයකරන ව්‍යාපාර සොයා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව වැටලීම් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කරයි.

වැට් බදු සඳහා ලියාපදිංචි ව්‍යාපාර ආයතනයක් ව්‍යාපාරික ගනුදෙනුවල යෙදෙන විට ඔවුන්ගේ වැට් ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් එලෙස වැට් බදු සඳහා ලියාපදිංචි නොවී වැට් බදු අයකරනු ලබන ව්‍යාපාර ආයතන පිළිබඳව පාරිභෝගිකයන්ට සෘජුවම දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙත පැමිණිලි කළ හැකි බවත් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරයි.

ඒ පිළිබඳ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙන බවත් එම පැමිණිලි පිළිබඳ පියවර ගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.

වැට් බදු සඳහා ලියාපදිංචි නොවී වැට් බදු අයකරන බවට පැමිණිලි ලැබූ කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාර ආයතන පසුගිය බදාදා දේශීය අදායම් බදු දෙපාර්තමේන්තු නිලධාරීන් වැටලූ බවත් එම ආයතනවල තිබූ ලිපිගොනු සහ පරිගණක වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බාරයට ගත් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවැසුවේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page